Sunday, October 19, 2014
සැටලයිට්
මග බලා සිටිමි මා දැකගන්න නුබේ දෑස
ඒත් නුබ හොර රහසෙ සැගවිලා ආකාසේ
කල් බලා රැක උන්නු සිත රිදෙන මේ යාමේ
තව බලා ඉනු කුමට නුබ ගිහින් දුර ඈත...
(මැදැයි HBO එකේ Expendables බලන්න හිටිය... වලාකුළු නිසා Signal නෑ..)
Wednesday, October 1, 2014
වැස්ස
අහස මහ වැසි වස්සනා මුත්
මා තෙමන්නේ ඇයිද නොදනිමි
හවස් කල නිවසට දුවන්නට
පෙරම මහ වැසි ඇද හැලුණි අද...
බසය වෙත දුවනා සුනන්ගුව
පමණි මට ගත වූ නිමේශය
එකල වට වරුසාව හමුවේ
අසරණය මා කුඩය නොමැතිව...
කුඩය නැති මුත් නොතෙමි යන්නට
වරම් ඇති අන් කොලු සමූහය
පින් දිදී වැහි දෙවිඳු හමුවේ
තුරුල් වී යයි පෙමින් හෙමිහිට...
නොකර ඊර්ශ්‍යා වෛර උන් හට
තෙමි තෙමී ගොඩ උනෙමි බසයට
අසරණව තෙත බරිත වූ මට
සිතුනි වලිගය නොමැති ගොනු ලෙස...
Thursday, July 24, 2014
බලාපොරොත්තුව
එකත් බිංදුවත් අතර හුදකලා උනු තවත් එක විරාමයක..
සිතිවිලි බොහෝම දුර ගියා මටත් නොදැනීම..
අතීතයේ මතක රැළි අතර කිමිදෙන අතරේදී..
පොදි බැදුන දහසකුත් සිතිවිලි මගේ සිත තුල..
බලාපොරොත්තු නමැති මිරුගුව පසුපස්සේ දුව දුවා හති වැටිලා..
ලැබුණු පලයනම් කුමක්දැයි වටහා ගන්න නොහැකිව..
මොහොතක් අතරමංව..
සිටිය විටදී දැනුන මට එයයි අපේ ජීවිතය කියල..
අරමුණු ජයගන්න.. ඉලක්කයක් වෙතට යන්න..
ඉර හදම නොලැබුනත්, වලාකුළු සිපගන්න..
හැකි වේවි මතු දිනක තිබුන හොත් අදිශ්ඨානය..
සමගම "බලාපොරොත්තුව"...
Sunday, July 20, 2014
නින්ද නොයන රෑ යාමේ
රාත්‍රිය උදා වී සඳ තරුද පායලා
හාත්පස නිහඬ වී සියොතුන් ද නිදියලා
නිදි නොමැති මගෙ දෑස විඩාවෙන් බරවෙලා
කිම නාවෙ නිදි දෙවුදු මා වෙතට එලඹිලා...
සිත මාගෙ දුර ඈත පියඹනව මට හොරා
දහසකුත් සිතිවිලිත් දුවයනව සිත පුරා
හෙට දිනේ අලුයමින් පිබිදෙන්න මා කරා
එනු මැනවි නිදි දෙවුදු නින්ද ඔබෙ අත දරා...
Subscribe to:
Comments (Atom)



