Wednesday, June 10, 2015

අවංක ආදරය


සැප බස් රියකි සවසදී මා නැගුනු එය
එනමුදු නොමැත හිඳගන්නට ඉඩ හසර
කොන්දගේ සද්දයට විසි උනි පසුපසට
යුවළකි පසු අසුනෙ පෙම්සුව ලොබ විඳින

යොමවා දෑස වෙනතක මා නොඅලස්ව
යනවිට ඇසේ පෙම්බස් තෙපලන ඔවුන
සුදු මා පණයි නුඹ නොමැතිව බෑ හිඳිනු
තරුණිය කියයි මහ සද්දෙන් හැමවිටම

පෙම්බස් මැද්දේ හෙමිහිට ඇදුනා බසය
සමහරු බැස ගියා තව අය නගිනා අතර
තරුණෙකි හෙමින් ලංවන මා සිටි දෙසට
ඔහු නෙත් යොමයි එබී එබී පසු පස අසුන

යුවළේ සිටිය තරුණය දුටුවා ඒ එන ඔහුව
තරුණිය ගල් ගැසුණි එකවර පැවසුව නිබඳ
නැත දැන් ඇසෙන්නේ හඬ නිහඬය ඔවුන
ආගන්තුකය අසලය දැන් පෙම් යුවළ

මේනම් සොහොයුරාමැයි තරුණිට වැඩිමහළු
සිතුනා මෙමට ඈ සිටි දෙස බැලුවාම
අහෝ අසරණිය යයි මට සිතෙනා විටම
කටහඬ අවදිවිය පැමිණිය ඔහු වෙතින

ඇයි ඔබ කලේ මා හට මේ ලෙස වංචා
මා අත වෙලී ආදරයෙන් උඹ උන්නා
ඊයෙත් ගිහින් රෙදිපිළි ගෙන අප දෙන්නා
ආ බව අමතකද උඹ දැන් මූ අත ගන්නා

තරුණිය හඬයි ඉකි බිඳ බිඳ හඬ නංවා
ඔබ මා මෙලෙස සැක කරනා බව කිසිදා
නැත මා සිතුවේ උඹ චපලයි ඒ හින්දා
තරුණිය කියූවයි බොළඳව සිහි ගන්වා....

No comments:

Post a Comment