Wednesday, May 27, 2015

නිසරු වූ මේ සසර



සසර නම් මිරිගුවෙහි
දිවිය සොයමින් දුවන
අසරණ වූ දනන් වෙමු 
දුක නසන මග නොදත්

දහස් වර ලැබී ඇත
ඔටුණු සක්විති වරම්
හිගා කා දුගී වී
මිය යන්න ඇත අපත්

පැළඳුවත් නෙක කිරුළු
ලබා අභිමන් මහත්
කුමටදෝ මේ කිසිත්
ගෙන යන්න බැහැ ඉතින්

නිසරු බව දැන දැනත්
කුමට ලොබ වනු තවත් 
නොපමාව දිරි වඩමු
සසර කෙටිවන ලෙසින්....

Wednesday, May 13, 2015

හිරු කුමරි


හිමිදිරිය පාන්දර
මිදුමේ දැවටිලා
නුඹ ඇවිත් ගත වීද
නොදැනීම බොහො වෙලා...

පමා වූ නිසාදෝ

නුඹ බොහොම සැර වෙලා
බොහෝ කෝපෙන් වගේ
රවයි මා දෙස බලා...

පුරා දෙපැයක් තුරා

බසය කොටනා නියා
කෙලෙස මා ඉවසම්ද
නුඹේ ඔය සැර මහා...

ලබන්නට ඔබේ කමා

සවස සෙව්වෙමි මෙමා
නුඹ ගිහින් නොකියාම
ගණදුරක මා තබා...

හෙට දිනේ අළුයමින්

පිබිද මම එනතුරා
ඉදින් මා හිරු කුමරි
හිරු කිරණ නොම යොමා...

Monday, May 4, 2015

ඈ ගිහින් නොකියාම


අහස වැහි බරව හිඳ
පොළොව රත් වී නැගෙන
දාහයට තිත තබන
ඈ ගිහින් නොකියාම...

නිසා ඒ දුක් සුසුම

කදුලැල්ල නෙත නැගෙන
නුඹ ගියා රැගෙන මා
සතු එකම මද පවන...

කිසිදාක නොම විලස

අළුයමින් කතා කොට
ගෙන්නුවා මා මෙලෙස
පණ ගන්න යළි ඇයට...

අහෝ එය ඛේදයකි

නොමැත සුසුමන් ඇයට
පණ දෙන්න නම් ඕන
වයර් මිටියක් එයට...

අටවලා වයර් පොඩි

පණ දුන්න යළි ඇයට
ගෙනෙන්නට මද පවන
දැන් ඇයට පුළුවන්ය...

රැගෙන ඔබේ ඈ නැවත

නොකර මා පිස්සෙක්ව
ඉතිං අක්කේ දෙන්න
මගෙ විදුලි පංකාව...